ප්රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
15 October 2026
ප්රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
15 October 2026
උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත් සහ කිලිනොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (15) පෙ.ව. 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (16) පෙ.ව. 01.00 දක්වා වලංගු වෙයි.
ඒ අනුව, උතුරු මැද, නැගෙනහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කිලි නොච්චිය, මුලතිව්, වවුනියා, ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

