brand logo
logo
 එංගලන්තයට එරෙහිව පවන්ගෙන් ශතකයක්

එංගලන්තයට එරෙහිව පවන්ගෙන් ශතකයක්

22 October 2026


එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹා යමිනව් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කිරීමට පවන් රත්නායක සමත්විය.


මෙය පවන්ගේ දෙවන එක්දින ශතකය වූ අතර, පළමු ශතකයද ඔහු එංගලන්තයට එරෙහිවම රැස්කර තිබීම සුවිශේෂීය.


තරගයේ 35වැනි පන්දුවාරයේදී පවන් මෙම ශතක ඉනිම ක්‍රීඩාකළ අතර, ඔහු පන්දු 87කට පමරණ මුහුණදී එම ඉනිම ගොඩනැගීම සුවිශේෂීය.


එම පන්දුවාරය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 260ක් රැකරගෙන, තවත් පන්දු 90ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණයට ලකුණු 170ක් පිටුපසින් සිටියේය.


ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටි දසුන් ශානක පන්දු 23කින් ලකුණු 40ක් රැස්කර තිබුණි.


පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස්කිරීමට සමත් විය.


 

More News..