2027න් පසු IMF වැඩසටහන අතහැර දැමීම ආර්ථික අගාධයකට ඇද වැටීමක්
27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැර දැමීම ආර්ථික අගාධයකට ඇද වැටීමක්
27 September 2026
2027 වසරෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන අතහැර දැමීම ආර්ථික අගාධයකට ඇද වැටීමක් බව 'දිනන දකුණ' සාමූහිකය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සමූහිකය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දුන් අවාසනාවන්ත ආර්ථික අර්බුදයෙන් පසු බිඳෙන සුලු නමුත් ආර්ථික ප්‍රතිස්ථාපනයක් කරා ගමන් කරමින් සිටින මොහොතක, අඛණ්ඩව ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය රාමුවෙන් බැහැර දේශපාලන වාචාල කතාවලට යටත් වීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බව එම සාමූහික පෙන්වා දෙයි.
2027 මාර්තු මස වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) අවසන් වීමෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ව්‍යුහාත්මක සබඳතාව හදිසියේ අත්හැර දැමීමට, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටින බව තම සාමූහිකය නිරීක්ෂණය කරමින් සිටින බවද එහි දැක්වේ.
එම ප්‍රවණතාව අනතුරුදායක මතවාදී සූදුවක් බව එම සාමූහිකයේ මතය වී ඇත.
ජනකාන්තවාදී දේශපාලනයෙන් පෝෂණය වන ශ්‍රී ලාංකික දේශපාලන සමාජය සහ ආණ්ඩුවේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය IMF විසින් පනවනු ලබන නමුත්, ස්වයං ආයතනික ආර්ථික විනයකින් තෙරව ස්වාධීන සහ හුදෙකලා ආර්ථික ගමනක් යා හැකි යැයි රටේ ඇතමකු දරන මතය අපගේ රාජ්‍ය ආර්ථික ශේෂ පත්‍රයේ ඇති කටුක යථාර්ථය නොසලකා හැරීමක් ලෙස දකින බවද එම සාමූහිකය පෙන්වා දෙයි.
රට නැවතත් දේශපාලනයේ ගොදුරක් වන්නේ නම් සහ අතාර්කික ලෙස සහනාධාර ලබා දෙන ආර්ථිකයකට නැවත ප්‍රවිශ්ඨ වන්නේ නම්, අප රටක් ලෙස දුෂ්කරතා මධ්‍යයේ දිනාගත් ස්ථාවරත්වය මුළුමනින්ම විනාශ වී රට යළිත් බංකොලොත් භාවයේ අගාධයට ඇද වැටෙනු ඇති බවද පෙන්වා දෙයි.
එබැවින් මෙවර අයවැය තුළින් හදුන්වා දෙන්නට යෝජිත ඇතැම් ආර්ථික සහන සඳහා යටත් වන රජයේ වියදම් හැදින්විය හැක්කේ වෙස්වළාගත් මූල්‍ය අපතේ යැවීම් බව සිය මතය බවද වැඩිදුරටත් සිය නිවේදනයෙන් දන්වා සිටී.

