තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
27 March 2026
තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
27 March 2026
තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන් ඉල්ලා කරමින් වංචාවක් සිදු කරන බවය.
මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි, ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙස ද තැපැල්පති ආර්.පී සත්කුමාර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

