ගෑස් බෙදා හැරීම අද සවස සිට යථා තත්ත්වයට
19 October 2026
ගෑස් බෙදා හැරීම අද සවස සිට යථා තත්ත්වයට
19 October 2026
දිවයින පුරා ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (19) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගම සඳහන් කරනුයේ මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව මේ වන විට මෙරටට ළඟා වී ඇති බවය.
ඒ අනුව එහි ගෑස් ගොඩ බෑමේ කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
එම සමාගම සඳහන් කරනුයේ ගෑස් තොග නිරන්තරයෙන් ලැබෙන බැවින් රට පුරා ගෑස් බෙදා හැරීම වේගවත් කරමින් වෙළෙඳපොළට සාමාන්ය පරිදි බෙදා හැරීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවය.
මේ අතර පසුගිය 16 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම ඊයේ සඳහන් කළේය.

