brand logo
logo
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි

22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි

01 September 2026


රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කර තිබේ.


අද (01) මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවා තිබුණි.


එහිදී 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.


එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණයට එළඹුණි. 

 

More News..