brand logo
logo
පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල පළ කරයි

පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල පළ කරයි

02 September 2026

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් නොකිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා සිය කනස්සල්ල පළ කර සිටියි.


අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති අදාළ පෙත්සම් විභාගය සඳහා නිරීක්ෂකයකු ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.


අධිකරණයේ ස්වාධීනත්වයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතිශය වැදගත් වන මෙවැනි කරුණක් විභාග කිරීමට පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) පත් නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාව අතර දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බව ස්ටීවන් තිරූ මහතා සඳහන් කළේය.


සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණු විභාග කිරීම සඳහා විශාල විනිසුරු මඬුල්ලක් පත් කරනු ලබන නමුත්, මෙම නඩුව සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද හෙතෙම පැවසීය.


එබැවින් මෙවැනි තීරණාත්මක නඩුවක් සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් නොදීමට හේතු වූ කරුණු කවරේදැයි ප්‍රශ්න කළ ඒ මහතා, මෙය අධිකරණයේ ස්වාධීනත්වය හමුවේ මතුවන බරපතළ ගැටලුවක් බව වැඩිදුරටත් අවධාරණය කළේය.

 

More News..