මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට
04 April 2026
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට
04 April 2026
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාර්තු 31 වැනි දින ගම්පහ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහිදී විමර්ශන හමුවේ අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් ඇගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවටය.
ඒ අනුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් වශයෙන් ඝාතනය සිදුකළ මරණකාරියගේ සැමියා පොලීසිය විසින් ඊයේ (03) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 76ක් වූ අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධව ගම්පහ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

