කොණ්ඩ රංජිගේ තොරතුරකට සුසාන භූමියකින් පිස්තෝලයක් ගොඩගනී
04 October 2026
කොණ්ඩ රංජිගේ තොරතුරකට සුසාන භූමියකින් පිස්තෝලයක් ගොඩගනී
04 October 2026
රංජිත් කුමාර නොහොත් 'කොණ්ඩ රංජි' නැමැති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව, ගණේමුල්ල - බොල්ලත ප්‍රදේශයේ සුසාන භූමියක මිනීවළක් තුළ සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කොණ්ඩ රංජි', රතු වරෙන්තු ලබා සිටියදී පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණි.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරු ඊයේ (03) රාත්‍රියේ අදාළ ස්ථානය වෙත කැඳවාගෙන ගොස් සිදුකළ පරීක්ෂාවකදී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත.
එමෙන්ම මෙම ගිනිඅවිය විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත පුද්ගල ඝාතනයක් සඳහා භාවිත කිරීමට මෙලෙස සඟවා තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

