brand logo
logo
මාළු දැලක පැටලී ආ ජීව අත්බෝම්බය

මාළු දැලක පැටලී ආ ජීව අත්බෝම්බය

20 June 2023 | බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම

අඟුරුවාතොට කැන්නන්තුඩාව ප්‍රදේශයේ පින් වේල්ල ඇළ මාර්ගයේ මාළු දැලක පැටලී ආ ජිව අත්බෝම්බයක් අද (20) පස්වරුවේ හමුවී ඇතැයි අඟුරුවාතොට පොලීසිය කියයි.


පින් වේල්ල ප්‍රදේශයේ ඇති කුඹුරු සඳහා ජලය සැපයෙන ඇළ මාර්ගයේ බටගොඩ කැන්නන්තුඩාව මාර්ගය ආසන්නයේ ඇති වතුර වලේ තරුණයන් තිදෙනකු මාළු ඇල්ලීම සඳහා දැල් දැමීම සිදු කරමින් සිටියදී දැලෙහි පැටලී ජීව අත්බෝම්බය හමු වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එම බෝම්බය කිසියම් හෝ පුද්ගලයෙකු විසිකළ බෝම්බයක් විය හැකි බව පොලිස් නිලධාරියකු පැවැසීය.


මාළු ඇල්ලීම සඳහා පැමිණ සිටි තරුණයන් දොඹගොඩ අදිකාරිගොඩ හා ගල්පාත බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.


අඟුරුවාතොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.


 

More News..