කොච්චිකඩේ අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
20 April 2026
කොච්චිකඩේ අවට හෙට විශේෂ රථවාහන සැලැස්මක්
20 April 2026
හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් පිරීම නිමිත්තෙන් මෙම දේව මෙහෙය සංවිධානය කර ඇති අතර, එම මෙහෙයකට අදාළව මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
ඒ අනුව හෙට උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කරයි

