brand logo
logo
මුහුදුබඩ දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රියේ ගමන් ගන්නා මගීන්ට විශේෂ දැනුම්දීමක්

24 April 2026


පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබුණේ වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදීය.


පීලි පැනීමෙන් දුම්රිය ද්විත්ව මාර්ගයෙන් එක් මාර්ගයකට දැඩි හානි සිදුවිය.


මෙම පීලි පැනීමෙන් අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කොළඹ සිට පානදුර දුම්රිය ස්ථානය දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.


එතැන් සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් දුම්රිය මගීන් දකුණු කළුතර දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරනු ඇති බවත් එතැන් සිට මාතර හා බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සිදු කිරීමටත් පියවර ගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පැවසීය.


එමෙන්ම අද සවස් කාලය ගතවිමට පෙර දුම්රිය මාර්ගයේ අවහිරයන් ඉවත් කර එක් මාර්ගයක් දුම්රිය ධාවනය සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

More News..