නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට
30 August 2026
නීති විරෝධීව ඖෂධ පෙති 400ක තොගයක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට
30 August 2026
නීති විරෝධී ලෙස අළෙවි කිරීම සඳහා ඖෂධ පෙති තොගයක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) දින නාවික හමුදාව සහ පොලීසිය එක්ව අනුරාධපුරය මාතලේ මංසන්දිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතන වෙත ලද විශ්වාසනීය තොරතුරකට අනුව අනුරාධපුර පොලීසිය හා එක්ව මෙම වැටලීම සිදුකර තිබේ.
එහ්දී නීති විරෝධි ලෙස අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගත් ඖෂධ පෙති 400ක් සමග අවුරුදු 25ක් වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
නාවික හමුදාව පැවසුවේ මෙම ඒකාබද්ධ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් එම සැකකරු සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කළ බවය.

