brand logo
logo
රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

12 May 2023

කොළඹ රිජ්වේ ආර්යා රෝහල ඉදිරිපිට අද (12) දහවල් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ගිනි ගෙන තිබේ.


කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරීන් යෙදවූ බවයි.


අදාළ මෝටර් රථය පශු වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ගින්නෙන් කිසිවෙකුට කිසිදු හානියක් සිදු නොවී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.


 

More News..