brand logo
logo
 වව්නියාව සහ යාපනය බන්ධනාගාරවලත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරයි

වව්නියාව සහ යාපනය බන්ධනාගාරවලත් ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරයි

26 August 2026


බන්ධනාගාර තුළ හදිසි තත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශියව සම්බන්ධිකරණයක් පවත්වා ගනිමින් රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් වව්නියාව සහ යාපනය යන බන්ධනාගාර මූලික කරගනිමින් ආරම්භ කර තිබේ.


ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙනි.


බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ප්‍රාදේශීය මට්ටමින් ශක්තිමත් සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ රැඳවියන්ගේ සුභසාධන කටයුතු විධිමත් කිරීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වේ.


දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාර ආවරණය වන පරිදි මෙම ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව මෙහිදී අදාළ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කර තිබේ.


මෙම වැඩසටහනෙන් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා එම බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රැඳවියන්ගේ අවශ්‍යතා ද සොයා බලා තිබේ.


එහිදී කාන්තා අංශ, රිමාන්ඩ් සැකකරුවන් රඳවා සිටින ස්ථාන මෙන්ම යාපනය බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ද අමාත්‍යවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්ව ඇත.


එමෙන්ම මෙහිදී රැඳවියන් හමුවූ අමාත්‍යවරයා පවසා ඇත්තේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් මතුව ඇති ගැටලුවලට ඉදිරි මාස තුන ඇතුළත සුදුසු පිළියම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බවය.

 

 

More News..