සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ
22 April 2026
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු අල්ලස් දැලේ
22 April 2026
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු (විශ්‍රාමික) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු නීති නිලධාරී වශයෙන් කටයුතු කරමින් ගොඩනැගිල්ලක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බදු පදනම ලබාගෙන ඇත.
පසුව ඊට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට බදු ගිවිසුම් 03ක් සකස් කිරීම වෙනුවෙන් එකී ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු යැයි පවසා රු.4,134,887/- ක මුදලක් ඉල්ලා එයින් 2,000,000/- ක මුදලක් ලබාගෙන, ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කරන ලද චෙක්පතක් මුදල් කර ලබාගනිමින් තුටු පඬුරු ඉල්ලීම හා භාරගැනීම යන චෝදනාව මත මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (21) ප.ව 3.45ට අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 5 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

