brand logo
logo
කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ අනතුරකින් තරුණයෙකු මරුට

කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ අනතුරකින් තරුණයෙකු මරුට

27 October 2026


කැස්බෑව - බණ්ඩාරගම මාර්ගයේ බටුවන්දර ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා මියගොස් ඇති බව කැස්බෑව පොලීසිය පවසයි.


මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මඩපාත, බටුවන්දර ප්‍රදේශයේ පදිංචිව සිටි බී. තමිතු කෙම්සර නැමැති තරුණයෙකුය.


කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ධාවනය වී ඇති යතුරුපැදිය, බටුවන්දර හන්දිය ආසන්නයේදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයේ දකුණු පස පිටුපස රෝදයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.


අනතුරේ පැවති තීව්‍රතාවය හේතුවෙන් ත්‍රීරෝද රථයේ රෝදය පවා ගැලවී ගොස් ඇති අතර, යතුරුපැදිය ගැටීමෙන් අනතුරුව මීටර් 35ක් පමණ ඉදිරියට ඇදී ගොස් නතර වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා වහාම පිලියන්දල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල වෙත ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව සඳහන් වෙයි.


සිද්ධියට අදාළව ත්‍රිරෝද රථයේ රියදුරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කැස්බෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

 

More News..