වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයක්
18 October 2026
වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණයක්
18 October 2026
වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කාන්තාවන් පිරිසක් අද (18) බගවන්තලාව නගරයේ පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් පැවැත්විය.
මෙය සංවිධාන කර තිබුණේ, ආර්ථිකය උදෙසා වූ කාන්තා සංවිධානයක් විසිනි.
එහිදී පරිසර කෘෂිකර්මයට ප්රතිපත්ති අත්යාවශයයි, වැටුප් නොලබන සුරැකුම් ශ්රමය සුරකිමු, වතුකම්කරුවන්ගේ නිවාස සහ ඉඩම් අයිතිය සුරකිමු, ගොවියාගේ බීජ අයිතිය සුරකිමු, උග්ර විෂ සහිත කෘමිනාශක එපා, ක්ෂුද්ර මූල්ය අර්බුදයට විසදුම් යන සටන් පාඨ ප්රදර්ශනය කර තිබිණි.

