brand logo
logo
කොළඹ දිස්ත්‍රික්කයේ සර්වජන බලය ආසන සංවිධායකවරුන් හට පත්වීම් ලිපි ප්‍රධානයක්

කොළඹ දිස්ත්‍රික්කයේ සර්වජන බලය ආසන සංවිධායකවරුන් හට පත්වීම් ලිපි ප්‍රධානයක්

11 August 2026

සර්වජන බලය කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ආසන සංවිධායකවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වජන බලය මූලස්ථානයේදී පැවැත්විණි.


මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක් සඳහා නව ආසන සංවිධායකවරුන් පත් කරමින් ඔවුන් වෙත නිල පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.


ඒ අනුව,


හෝමාගම ආසන සංවිධායක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා


බොරැල්ල ආසන සංවිධායක ඩිනේන්ද්‍ර ජෝන් මහතා


උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිශ්ශංක ගමගේ මහතා


කඩුවෙල ආසන සංවිධායක තරංග දේවප්‍රිය රත්නායක මහතා ලෙස පත් කරමින් පත්වීම් ලිපි ප්‍රධානය කර තිබේ.


මෙම නව පත්වීම් සමඟ කොළඹ දිස්ත්‍රික්කය තුළ සර්වජන බලයේ සංවිධාන කටයුතු තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා නව සංවිධාන බලවේගයක් ගොඩනැගීම අරමුණු කරයි.


මෙම අවස්ථාව සඳහා සර්වජන බලය මහ ලේකම් නීතිඥ රංජන් සෙනවිරත්න මහතා, සර්වජන බලය උප සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් නායක ගාමීනී වලේබොඩ මහතා මෙන්ම සර්වජන බලය උප සභාපති සහ කොළඹ දිස්ත්‍රික් නායක ආචාර්ය චන්න ජයසුමන මහතාද එක්ව සිටියහ.

 

More News..