brand logo
logo
 හෙරොයින් කිලෝ 21ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 21ක් සමග පුද්ගලයෙකු කටානේදී අත්අඩංගුවට

25 October 2026


කටාන, ගිරිඋල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 21යි ග්‍රෑම් 750ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.


මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත, නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.


මේ අතර, මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු තලංගම, කලල්ගොඩ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත් වී තිබේ.


සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.


නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.


අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.


සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

More News..