brand logo
logo
අබිරහස් ‍ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු‍‍ව‍ෙයි

අබිරහස් ‍ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමු‍‍ව‍ෙයි

04 February 2026 | දමිත් වානගුරු කොළඹ


තලංගම ඩිපෝව අසල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ඉඩමක තිබී මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.


අද උදෑසන 11.00 පමණ නිවසේ හිමිකරු මියගිය පුද්ගලයාගේ මළ සිරුර දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණ පරීක්ෂා කිරීම් සිදු කර තිබේ.


මියගිය තරුණයා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක් වන අතර පහරදී ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දමා ගියාද මාර්ගයකදී හදිසි අනතුරකට ලක්ව මෙම ස්ථානයට ගෙනවිත් දමා ගියාද යන්න පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



 

More News..