ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
30 August 2026
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්
30 August 2026
2026, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ පැවැති තරගය කඩුලු කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.5ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 79කි.
එහිදී ඊෂා ඕසා ලකුණු 18ක් සහ සමීරා ධරනිධර්කා ලකුණු 17ක් ලබාගත්තහ.
පන්දුයැවීමේදී මිතලි අයෝධ්‍යා සහ චේතනා විමුක්ති කඩුලු තුන බැගින් බිඳහෙළීමට සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 80ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළහ.
එහිදී චමරි අතපත්තු නොදැවී ලකුණු 48ක් ලබාගත්තාය.
තරගය පැවැත්වුණේ, ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

