ඝාතන චෝදනාවකට සිව්දෙනෙකුට මරණ දඬුවම
23 July 2025
ඝාතන චෝදනාවකට සිව්දෙනෙකුට මරණ දඬුවම
23 July 2025
පුද්ගලයෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට මරණ දඬුවම නියම වී තිබේ.
ඒ, පොළොන්නරුව මහාධිකරණය විසිනි.
නඩුවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු නඩුව අතරතුර මියගොස් තිබේ.
මෙලෙස මරණ දඬුවම ලබාදුන් අය අතර එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනෙකු ද සිටියි.