brand logo
logo
 ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ඇරඹේ

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ඇරඹේ

07 September 2026



2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා භාරගැනීම අද (07) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.


ඒ අනුව, අද (07) දින සිට මෙම මස 21 වන දින දක්වා මෙය සිදුකළ හැකි අතර සම්පූර්ණයෙන්ම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ යුතු බව නිවේදනයේ සඳහන් වෙයි.


අදාළ විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා විසින්, පාසල වෙත ලබා දී ඇති පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) භාවිත කර [https://onlineexams.gov.lk]වෙබ් අඩවියේ ඇති SCHOOL LOGIN වෙත පිවිස මෙම අභියාචනා ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය.

 

More News..