තෛපොංගල් උත්සවය අදයි
15 January 2024
තෛපොංගල් උත්සවය අදයි
15 January 2024
හින්දු බැතිමතුන්ගේ නව වසරේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය සියලුම ලෝකවාසී හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි.
අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ.
‘ තායි ‘ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හඳුන්වනු ලබන්නේ ‘ පොංගල් ‘ නමිනි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි.
යාපනය, කරෙයිනගර්, අයියනායක කෝවිලේ අද (15) උදෑසන 10.00ට පැවැත්වෙන ජාතික සංහිඳියා තෛපොංගල් උත්සවයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වේ.
ජාතික සමඟි සංහිඳියා කාර්යාලයේ සම්බන්ධීකාරක කන්දසාමි කරුණාකරන්ගේ සම්බන්ධීකරණයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොංගල් උත්සවය, කරයිනගර්හි ව්‍යාපාරික ප්‍රජාව සහ විදේශ සබඳතා එක්කර ගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කර ඇත.

