brand logo
logo
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

16 October 2026


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබේ.


ඒ පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුවය.


පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසය.


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනේ පැමිනි භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස මේ වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී.


ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි මහා සංඝරත්නය ඇතුළු පිරිස සදහන් කළේ ඥානසාර හිමිට නිදහස ලබා දීම සම්බන්ධයෙන් නිෂ්චිත ප්‍රතිචාරයක් ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවය.


ඒ අනුව පිරිස රැය පහන් කරමින් තවදුරටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මහා සංඝරත්නය රැඳී සිටියි.

 

More News..