රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
02 July 2026
රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
02 July 2026
රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර හෙට (03) රාත්‍රී කාලයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් මෙම රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදුකරන බව පොලීසිය පවසයි
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, පෙරහර රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර ලිහිණියා හන්දියෙන් හැරී කොටකෙතන මාර්ගය ඔස්සේ නැවත කහවත්ත පුරාණ විහාරස්ථානය වෙත පැමිණීමට නියමිත බවයි.
එම කාලය තුළ සැහැල්ලු වාහන සඳහා පමණක් මාර්ගයේ එක් මංතීරුවක් ඔස්සේ ගමන් කිරීමේ පහසුකම් සලසා ඇති අතර, බර වාහන සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.
ඒ අනුව, ඇඹිලිපිටිය සිට කොළඹ දෙසට ගමන් කරන බර වාහන කහවත්ත යායින්න හන්දියෙන් වමට හැරී මනන්දොළ, නිවිතිගල සහ තිරිවානාකැටිය හරහා රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.
එසේම, රත්නපුර සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරන බර වාහන පැල්මඩුල්ල, බලංගොඩ සහ වැලිගෙපොල හරහා පල්ලෙබැද්ද මාර්ගය ඔස්සේ ගමනාන්තය වෙත ළඟා විය හැකි බව සඳහන් වේ.
මීට අමතරව, කහවත්ත ඔරලෝසු කණුව වටරවුමෙන් වමට පිහිටි ඕපනායක මාර්ගය ඔස්සේ ඕපනායකට පිවිස, බලංගොඩ සහ පල්ලෙබැද්ද හරහා ඇඹිලිපිටිය දෙසට ගමන් කිරීමේ හැකියාවද පවතින බව පොලීසිය පෙන්වා දෙයි.
මෙම කාලසීමාව තුළ අදාළ මාර්ග භාවිත කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිත කරමින් ගමන් සැලසුම් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

