හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් පැමිණෙයි
19 July 2026
හිටපු පොලිස්පතිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනපති රනිල් පැමිණෙයි
19 July 2026
කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබේ.
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු ඒ මහතා පසුගිය 17 වෙනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදී මියගොස් තිබුණි.
ඔහුගේ මරණය සියදිවි හානී කරගැනීමක් බවට සැකකෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පල කරයි.
කෙසේවෙතත් සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) දිනයේදී සිදු කිරීමට නියමිතව ඇත.

