ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය මට්ටමට - තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය
08 October 2026 | අශිකා ජයවීර
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය මට්ටමට - තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය
08 October 2026 | අශිකා ජයවීර
ඉන්ධන බෙදාහැරීම ඊයේ (07 වැනිදා) වන විට යම් ප්‍රමාණයක සාමාන්‍ය මට්ටමකට පත්ව තිබෙන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් නිකුත් කිරීම ද සාමාන්‍ය මට්ටමට පත්වෙමින් ඇති බැවින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබීම අවම වී තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් පෞද්ගලික සමාගම්වලට අයත් ඇතැම් ඉන්ධන පිරවුම්හල් සීමිත සංඛ්‍යාවක් පමණක් තවමත් ඉන්ධන නොමැතිව වසා දමා තිබෙන බව බෙදුම්කරුවෝ පවසති.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බලධාරින් සමග පැවැති සාකච්ඡාවේදී ඉන්ධන ප්‍රවාහනය සඳහා ගෙවනු ලබන මුදල සියයට විස්සකින් (20%) වැඩි කරන ලෙස ඉල්ලා සිටියද සියයට පහළොවක (15%) ගාස්තු වැඩිවීමක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වූ බැවින් ඉන්ධන ප්‍රවාහනය ද මේ වන විට සාමාන්‍ය මට්ටමක පවතින බව ඉන්ධන ප්‍රවාහන සංගම් පෙන්වා දෙයි.
දිවයින පුරා ඉන්ධන හිඟයක් හෝ සැපයුම් බාධාවක් නොමැති බැවින් අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසද මෙම සංගම් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර ඉන්ධන සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ අර්බුදකාරි තත්ත්වය ඊයේ (07 වැනිදා) වනවිට සාමාන්‍ය මට්ටකමට පත්ව තිබෙන බවයි.

