brand logo
logo
ලෝක සන්නිවේදනයට තර්ජනයක් වූ මුහුදු පතුලේ කේබල් පද්ධතිවල අවදානම

ලෝක සන්නිවේදනයට තර්ජනයක් වූ මුහුදු පතුලේ කේබල් පද්ධතිවල අවදානම

07 November 2026


ලොව ජාත්‍යන්තර දත්ත හුවමාරුවෙන් 99%ක් පමණ සිදුවන්නේ මුහුදු පතුල හරහා ඇද තිබෙන කේබල් පද්ධති හරහාය.


මෙවැනි එක් කේබල් පද්ධතියක් පවා විසන්ධි වීමෙන් දූපත් රාජ්‍යයන් සන්නිවේදනයෙන් හුදකලා වීමටත්, බැංකු පද්ධති අක්‍රිය වීමටත්, හමුදාමය සන්නිවේදන කටයුතු අඩපණ වීමටත් ඉඩ ඇත.


මේ වනවිට තායිවානයට සහ පිලිපීනයට චීනයෙන් එල්ලවෙන බලපෑම් හමුවේ මුහුදු පතුල හරහා ඇද ඇති සන්නිවේදන ෆයිබර් කේබල් පද්ධති වෙත බලපෑම් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එමගින් කලාපීය නාවික හමුදාවන්ට මෙන්ම විදුලි සංදේශ සමාගම්වලට ද ආරක්ෂාව පිළිබඳ නැවත සිතා බැලීමට පොළඹවා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


කේබල්වලට සිදුවිය හැකි විනාශකාරී ක්‍රියා ඇතුළුව මුහුදු සීමාවේ සිදුවන බලපෑම්වලට මුහුණදීම සඳහා 2023 වසරේදී බටාන් වෙරළට ඔබ්බෙන් පිලිපීන වෙරළාරක්ෂක බලකායට අයත් නෞකාවක් සහ ජපානයේ නෞකාව එක්ව විශේෂ නාවික සමුද්‍රීය පෙරහුරුවකද නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


චීනයේ සමුද්‍රීය බලපෑම්වලින් ආරක්ෂා වීම සඳහා තායිවානය විසින් මුහුදු ඩ්‍රෝන යානා රැසක් මිලදී ගැනීමටද පියවර ගෙන ඇත.


මෙම අවදානම පැසිෆික් කලාපයට පමණක් සීමා වූවක් නොවන අතර අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග මුහුදු පතුලේ කේබල් පද්ධතියද අවදානමකට ලක්වී තිබේ.

 

More News..