පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීමක්
11 June 2025 | එෆ්. අස්ලම්
පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දීමක්
11 June 2025 | එෆ්. අස්ලම්
මාර්ග අනතුරු සිදුවිය හැකි අවධානම් ස්ථාන හඳුනාගෙන එම ස්ථාන ආරක්ෂිත නොකරන සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
ඊට අදාළ උපදෙස් හා නියෝග වැඩ බලන පොලිස්පතිවරයා විසින් මේ වනවිටත් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී ඇත.
මෙරට පොලිස් බල ප්‍රදේශ හයසිය හතේම ඇති අවධානම් සහිත ස්ථාන හඳුනාගෙන මාර්ග සංවර්ධන අධිකාරියේ හා පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කරගෙන ආරක්ෂිත කරළීම ඒ ඒ පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ හා රථවාහන අංශ ස්ථානාධිපතිවරුන්ගේ වගකීම බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ඒ ආකාරයෙන් කටයුතු නොකරන, යළිත් එවන් අනතුරු වාර්තා වන ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා රථ වාහන ස්ථානාධිපතිවරුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර පිළිබඳ විශේෂඥ පොලිස් කමිටු වාර්තාව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවති අතර ඒ සඳහා එක් වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අනාවරණය කලේ මෙරට මාර්ග ආශ්‍රිතව දැඩි අනාරක්ෂිත අවධානම් ස්ථාන හත්සිය හැත්තෑ නවයක් තිබෙන බවය. එම ස්ථාන ආරක්ෂිත කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරියට නිර්දේශ කර ඇති බවද ඔහු කීය.