brand logo
logo
ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් කෝටි ගණන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් කෝටි ගණන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

21 March 2026 | එෆ්.අස්ලම්

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙනෙත්ති, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් වන චතුර අල්විස් සහ හසිත විජේවර්ධන වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකටයුතු පුද්ගලයෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණකය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් සැකකරු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඊයේ (20) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරු ෆේසබුක් , වට්ස්ඇප්, ඇතුළු විවිධ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් තමා ප්‍රසිද්ධ පුද්ගලයෙකු බව අඟවමින් මෙම වංචාව සිදු කර ඇත.


මෙම සැකකරු අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

More News..