brand logo
logo
යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි

යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවත්වයි

08 February 2025



ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව වාර්තා වේ.


ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිටම අදාළ සමාගමේ මෙහෙයුම් කයුතු සිදුකර නොමැති බව සඳහන් ය.


විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන අලෙවි කටයුතු සිදු කිරීමට එවකට පැවැති රජය පියවර ගෙන තිබුණි.


ඒ අනුව චීනයේ සයිනොපෙක් සමාගම, අමෙරිකාවේ ආර්. එම්. පාක්ස්. සහ ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබීය.


එක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 බැගින් මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 450ක මෙහෙයුම් කටයුතු ලබා දෙනු ලැබීය.


මේ වන විට සයිනොපෙක් සමාගම සහ ආර්.එම් පාක්ස් සමාගම ගැටලුවකින් තොරව මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළද ඔස්ට්‍රේලියානු සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා ඇති බව සඳහන් වේ.


අදාළ ගිවිසුමේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් මෙලෙස සිය මෙහෙයුම් කටයුතු නතර කර ඇති බව වාර්තා වේ.


එම ගිවිසුමට අනුව වසර 20කට ආසන්න කාලයක් යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට මෙරට තුළ ඉන්ධන අලෙවි කටයුතු සිදුකළ හැකි වුවද ඔවුන් වසරක් ගතවීමට ප්‍රථම මෙරට මෙහෙයුම් කටයුතු නතර කිරීමද විශේෂත්වයකි.


මේ අතර අදාළ සමාගම විසින් මෙහෙයුම් කටයුතු නතර කිරීම පිළිබඳව ලිපියක් මගින් දැනුවත් කර ඇති බවත් සඳහන්.


මේ සම්බන්ධයෙන් එම සේවකයින් පවසන්නේ තමන් මීට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.


 

More News..