brand logo
logo
ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් වෙන් කෙරේ

ජාතික නිවාස වැඩසටහනට රුපියල් මිලියන 44,000ක් වෙන් කෙරේ

06 August 2026

රජයේ ජාතික නිවාස සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.


අද (06) කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලැන්වත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ අස්වැසුම ප්‍රතිලාභී නිවාස අහිමි පවුලකට "සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්" රන්විමන නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකළ නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


ජාතික නිවාස වැඩසටහන යටතේ මෙම වසර තුළ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් 30,000කට නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඇතුළු රේඛීය අමාත්‍යාංශවල ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙම ජාතික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පමණක් මෙම වසර තුළ නිවාස 1,000කට අධික සංඛ්‍යාවක් ඉදිකිරීමට අපේක්ෂා කරන අතර, දිවයිනේ සෑම

 

More News..