brand logo
logo
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

16 October 2026


උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී.


බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ අතර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.


ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..