බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවත් කරයි
03 August 2025
බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවත් කරයි
03 August 2025
ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවත් කර තිබේ.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ කැබිනට් මණ්ඩල යෝජනාවක් මඟින් ඔහු ඉවත් කළ බවයි.
රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔහු බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයට පත්වුණේ 2024 වසරේ ජනවාරි මාසයේදීය.
පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මේ වන විට කසුන් වැල්ලහේවා පත් කර තිබෙන බවට වාර්තා වේ.