Best News Website award
brand logo
logo
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

22 November 2026


දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


අද(22) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 11 දක්වා වලංගු වෙයි.


ඒ අනුව අම්පාර,කුරුණෑගල, කළුතර, කගල්ල, කොළඹ,ගාල්ල ,නුවරඑළිය,බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙන්ම මහනුවර ,මාතර,මාතලේ,මොනරාගල,රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය අදාළ වෙයි.


මෙම දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.


ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් අවදානයෙන් යුතුව කටයුතු කරන දෙන එම දෙපාර්තමේන්තුවබ ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.


 

 

More News..