brand logo
logo
ගන්දර නිවසකට වෙඩි ප්‍රහාරයක්

ගන්දර නිවසකට වෙඩි ප්‍රහාරයක්

22 July 2026


දෙවිනුවර, ගන්දර ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.


පොලීසිය පැවසුවේ, අද (22) අලුයම මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය.


වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.


ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර දෙවිනුවර පිහිටි ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්ය.

 

More News..