brand logo
logo
අධි වෝල්ටීයතා විදුලි රැහැන් සහ කුළුණු අසල සරුංගල් යැවීමෙන් වළකින්න

අධි වෝල්ටීයතා විදුලි රැහැන් සහ කුළුණු අසල සරුංගල් යැවීමෙන් වළකින්න

03 September 2026

220kV සහ 132kV අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග යට, කුළුණු සහ ග්‍රිඩ් උපපොළවල් ආසන්නයේ හෝ ඒ අවට ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) පුද්ගලික සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර සිටියේ, සරුංගල් සහ ඒවායේ නූල් විදුලි සම්ප්‍රේෂණ මාර්ගවල පැටලීම හේතුවෙන් අවස්ථා ගණනාවකදීම සම්ප්‍රේෂණ මාර්ග ක්‍රියා විරහිත වීමේ සිදුවීම් වාර්තා වූ බවය.

මෙවැනි සිදුවීම් විදුලිදෝෂ ඇති කිරීමටත්, සම්ප්‍රේෂණ මාර්ග ස්වයංක්‍රීයව විසන්ධි වීමටත් හේතුවිය හැකි බවත් අදාළ නිවේදනයේ සඳහන්.

සම්ප්‍රේෂණ මාර්ගවල පැටලී ඇති සරුංගල් සහ නූල් ආරක්ෂිත හා පාලිත ක්‍රියාපටිපාටි යටතේ මේ වනවිට අතින් ඉවත් කිරීම් සිදුවන බව අදාළ සමාගම පවසයි.

එනිසා මෙවැනි සිදුවීම් ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට සහ ආරක්ෂාවට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවත්, විදුලි ජනන ඒකක ක්‍රියාවිරහිත වීමටද හේතු විය හැකිය.

මෙවැනි සිදුවීම් හේතුවෙන් ඊයේ (2) ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවයට බලපෑම් ඇති වූ බවත්, පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ගයක් ලෙස තෝරාගත් බෙදාහැරීමේ විදුලි පෝෂක කිහිපයක් විසන්ධි කිරීමට සිදුවූ බව අදාළ නිවේදනයේ දැක්වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස එම පෝෂකවලට සම්බන්ධව සිටි ඇතැම් පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත.

 

More News..