අකුණු පිළිබඳ අවධානාත්මක නිවේදනයක්
30 September 2026
අකුණු පිළිබඳ අවධානාත්මක නිවේදනයක්
30 September 2026
ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව්, පොළොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනවු, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි.
අද (30) පෙරවරු 10.30 නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව සඳහන් වෙයි.

