brand logo
logo
අනතුරට ලක්වූ ඩෙල්ෆ් මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි

අනතුරට ලක්වූ ඩෙල්ෆ් මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා නාවික හමුදාවෙන් බේරා ගනියි

16 August 2026

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනීමට සමත් වූ බව නාවික හමුදාව පවසයි.


අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් බෝට්ටුව මෙලෙස අනතුරට ලක් ව ඇති බව පැවසේ.


අයහපත් කාලගුණ තත්ත්වයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද මෙම මගී ප්‍රවාහන බෝට්ටුව කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් දක්වා යාත්‍රා කර ඇති බවය නාවික හමුදාව පවසයි.


අනතුරට ලක්වන අවස්ථාවේ බොට්ටුවේ ඔපරේටර්වරු දෙදෙනෙක් අතුළුව පුද්ගලයින් 10 දෙනෙකු සිට තිබේ.

මෙම පිරිස ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කර ඇත.


 

More News..