10-11 දින දෙකේ ග්‍රාම නිලධාරීන්ට අසනීපයි
06 August 2026 | කමල් සුරවීර - මහනුවර
10-11 දින දෙකේ ග්‍රාම නිලධාරීන්ට අසනීපයි
06 August 2026 | කමල් සුරවීර - මහනුවර
ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොමු නොකිරීමට එරෙහිව එළැඹෙන 10 හා 11 දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සියලුම රාජකාරී කටයුතුවලින් ඉවත්වෙන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි ජාතික සංගමය පවසයි.
සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්.ඒ.පී.ඒ. විජේරත්නගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ ග්‍රාම නිලධාරි සේවයේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට වසර ගණනාවක සිට දේශපාලන අධිකාරියෙන් හා පරිපාලන බලධාරීන් වෙතින් කොතෙක් ඉල්ලීම් කළද මෙතෙක් කිසිදු සාධාරණ විසඳුමක් ලබාදී නොමැති බවයි.
එසේ තිබියදී රජය සහ පාලන බලධාරීන් විසින් ග්‍රාම නිලධාරීන්ගේ සාමාන්‍ය රාජකාරී වලට අමතරව විවිධ වැඩසටහන් හා විෂය ගත නිලධාරීන්ගේ වගකීම් ග්‍රාම නිලධාරී වෙතම පවරමින් කටයුතු කරන බවත් සඳහන්වේ.
එබැවින් ග්‍රාම නිලධාරී සේවය සඳහා ගැළපෙන අර්බුදවලින් තොර සේවා ව්‍යවස්ථාවක් ලබා ගැනීම, ග්‍රාම නිලධාරී සේවය සඳහා ඉන්ධන, කාර්යාල, ලිපි ද්‍රව්‍ය, දින වැටුප් ක්‍රියාත්මක කිරීම, බඳවා ගැනීමේ අවස්ථාවේ සිට අතිමහත් අසාධාරණයකට පත්ව සිටින ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සඳහා විසඳුමක් ලබාගැනීම ඇතුළු කරුණු මුල්කරගනිමින් ඊයේ (05 වැනිදා) සිට පොදු කොට්ඨාස දින රැස්වීමට හැර අනෙකුත් සියලුම රැස්වීම් වලට සහභාගී නොවීමට ද තීරණය කර ඇත.

