Best News Website award
brand logo
logo
රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

25 November 2026

භික්ෂු භාවයෙන් නෙරපා හරින ලද රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (25) වරෙන්තු නිකුත් කර තිබේ.


ඔහුට එරෙහිව ඇති නඩුවක් සඳහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.


සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශ මගින් ආගමික සංහිඳියාවට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ඔහුට එරෙහිව මෙම නඩුව විභාග වෙමින් පවතී.

 

More News..