ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි - දිලිත් ජයවීර
22 September 2026
ස්වාධීනව සිතන, නිර්භීත තරුණ පරපුරක් මේ රටේ අනාගතය ගොඩ නඟයි - දිලිත් ජයවීර
22 September 2026
ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පසුගියදා එහි පැවැති “Young Diplomats Model united nations conference 2026” (YDMUN’26) උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
එහිදී දිවයින පුරා පාසල්වලින් පැමිණි, සිසු සිසුවියන්ට රාජ්‍ය තාන්ත්‍රිකත්වය, නායකත්වය සහ කථන කුසලතා සම්බන්ධ දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණ අතර ඔවුන් වෙනුවෙන් තිළිණ ප්‍රදානයක්ද කෙරිණි.
උත්සවයෙන් අනතුරුව දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා, සිසුන් සමග සුහද කතාබහක ද නිරත විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දිලිත් ජයවීර පැවසූයේ, සිය ආදරණීය විද්‍යාලයේ මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වීමට ලැබීම මහත් ගෞරවයක් බවයි. ශ්‍රී ලංකාව පුරා පාසල්වලින් පැමිණි තරුණ නියෝජිතයන් රාජ්‍ය තාන්ත්‍රික්වය, නායකත්වය, කථන කුසලතා සහ ගෝලීය ප්‍රශ්න පිළිබඳ දැක්වූ උනන්දුව හා විශ්වාසය අතිශය ප්‍රශංසනීය බවද ඔහු පෙන්වා දෙයි.
ස්වාධීනව සිතන, නිර්භීතව අදහස් ප්‍රකාශ කරන සහ වෙනස්කම් ඉක්මවා එක්ව කටයුතු කළ හැකි තරුණ පරපුරක් විසින් මේ රටේ අනාගතය ගොඩ නඟනු ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර පවසයි.

