විදෙස් ආධාර කළමනාකරණයට ජාතික මට්ටමේ කමිටුවක්
08 December 2025
විදෙස් ආධාර කළමනාකරණයට ජාතික මට්ටමේ කමිටුවක්
08 December 2025
ආපදා හේතුවෙන් පීඩාවට පත් වුණ ජනතාවට හිමිවෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීමට ජාතික මට්ටමේ කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ.
අද (08) පැවති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා මේ බව පැවසීය.
එම කමිටුව මඟින් විදෙස් රටවල්වලින් ලැබෙන ආධාර හා උපකරණ ආපදාවෙන් පීඩාවට පත්වූවන්ට නිසිලෙස ලබාදීමට කටයුතු සලස්වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද දින සිට පත්කර ඇත.

