brand logo
logo
විදුහල්පතිවරුන්ගේ වැඩි කළ දීමනාව ජනවාරි සිට

විදුහල්පතිවරුන්ගේ වැඩි කළ දීමනාව ජනවාරි සිට

16 October 2026 | නිලන්ත මදුරාවල

විදුහල්පතිවරුන්ගේ වැඩි කළ විශේෂ දීමනාව මෙම වසරේ ජනවාරි මස සිට ම ගෙවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන බලධාරීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.


පසුගිය අයවැයෙන් යෝජනා කළ එම දීමනාව පසුගිය අප්‍රියෙල් මස සිට ගෙවමින් තිබිණි.


පසුගිය 13 වැනි දාතමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව චක්‍ර ලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ එම දීමනාව ජනවාරි මාසයේ සිට ම ගෙවන ලෙස ය.


එමෙන් ම ඊට අදාළ හිඟ දීමනාව මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර ගෙවන ලෙස ද එමගින් දන්වා තිබේ.


විශේෂ දීමනාව වැඩි වූයේ රුපියල් 1500කිනි.


ඒ අනුව 1ඒබී පාසලක විදුහල්පතිවරයකුට රුපියල් 8000ක් ද 1සී පාසලක විදුහල්පතිවරයකුට රුපියල් 5500ක් ද 2 වර්ගයේ පාසලක විදුහල්පතිවරයකුට රුපියල් 3000ක් හා 3 වර්ගයේ පාසලක විදුහල්පතිවරයකුට රුපියල් 4000ක් වශයෙන් විශේෂ දීමනාව හිමි වෙයි.

 

More News..