brand logo
logo
දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

30 October 2026

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට අදියර එක යටතේ විමසිලිමත් සිටින ලෙසට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


ඒ අනුව එය හෙට (31) පස්වරු 4.00 දක්වා බලාත්මක බව එම සංවිධානය සඳහන් කළේය.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ⁠ඕපනායක, ඇලපාත, කුරුවිට, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ⁠අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් සිදු කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් නිවේදනය කරයි.

 

More News..