රට තුළ පවතින ඉන්ධන සංචිත ගැන දැනුම්දීමක්
22 June 2025
රට තුළ පවතින ඉන්ධන සංචිත ගැන දැනුම්දීමක්
22 June 2025
රට තුළ මාස 02කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ මෙරට ඉන්ධන ක්ෂේත්රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් 03 ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවය.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඉදිරි මාස 02කට ප්‍රමාණවත් සංචිත පවතින බවද ලේකම්වරයා තහවුරු කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සිංගප්පූරුව හරහා දැනට ඇනවුම් කර ඇති ඉන්ධන තොග නියමිත වේලාවට ලබාදෙන බවට ද තහවුරු කර ඇති බවයි.