brand logo
logo
හඳුන් දිවි පැටව් මහජන ප්‍රදර්ශනයට -  නම් දුන් අයටත් තෑගි

හඳුන් දිවි පැටව් මහජන ප්‍රදර්ශනයට - නම් දුන් අයටත් තෑගි

18 August 2026 | •සාලිය ගමසිංහආරච්චි - කෑගල්ල

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයේ පළමු වරට උපත ලද හඳුන් දිවි පැටව් තිදෙනා ඊයේ (17 වැනිදා) මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණ. මෙහිදී හඳුන් දිවි පැටව් තිදෙනාට නම් තබා ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය සත්වෝද්‍යාන


දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


පින්නවල සත්වෝද්‍යානයේ සෙවණ ලබමින් සිටින හඳුන් දිවි දෙනක මැයි 21 වැනිදා පිරිමි පැටව් දෙදෙනකු හා ගැහැනු පැටවකු බිහි කර තිබිණි. මෙම පැටව් තිදෙනා මුල් කාලයේ පින්නවල සත්වෝද්‍යානයේ සේවය කරන සෙන්පති නමැති සේවකයකු විසින් රැක බලාගෙන තිබිණි.


පසුව පැටව් තිදෙනාට නම් තැබීමට ලබාදුන් අවස්ථාවත් සමග නම් දහස් ගණනක් ලැබී තිබුණු අතර ඒ අතරින් තෝරාගත් නම් තුනකින් පැටව් තිදෙනා නම් කර ඇත.


එහිදී ගැහැනු හඳුන් දිවි පැටවාට හේලා ලෙස ද තියෝ නමින් එක් පිරිමි පැටවකු සහ කයිලෝ නමින් අනෙකුත් පිරිමි පැටවා ද නම්කර තිබේ. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ බිළාල සතුන් සංරක්ෂණය සහ අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ මහාචාර්ය නිහාල් දයාවංශ දේශනයක් පැවැත්වූ අතර මෙම අවස්ථාවට ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී, සංරක්ෂණ හා නීති පිළිබඳ අධ්‍යක්ෂ නවෝද් අබේසිංහ, පින්නවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩිලානි අමරසිංහ, පශු වෛද්‍ය නිලධාරි දුණුවිල ද එක්ව සිටියහ.

 

More News..