ඌව විශ්වවිද්යාලයට නව උපකුලපතිවරයෙක්
29 October 2026
ඌව විශ්වවිද්යාලයට නව උපකුලපතිවරයෙක්
29 October 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල වෙත අද (29) පස්වරුවේ ප්රදානය කරන ලදී.
2026 නොවැම්බර් මස 02වන දා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවද සඳහන්.
මෙම පත්කිරීමට පෙර මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවල ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්යවරයෙකු ලෙස සේවයේ කළේය.

